මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන දැනට විදේශගතව සිටින ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණය ඔස්සේවනදා ගැනීමට අවසර ලබා දෙන්නේ ද නැද්ද යන නියෝගය ලබන 23 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
මෙම නඩුව අද දිනයේ මෝසමක් මාර්ගයෙන් කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ වන විට එක්සත් රාජධානියේ වාසය කරන බවයි.
මේ අනුවයි ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණය ඔස්සේ සාක්ෂි විමසීමට අවසර ඉල්ලා ඇත්තේ.