හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසකට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.
ඒ අනුව ලබන මාර්තු 15, 16 සහ 17 යන දිනයන්වලදී පෙත්සම් විභාගයට ගනු ඇති.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ළංඝනය කළේ යැයි චෝදනා කරමිනුයි පෙත්සම් ගොනු කර තිබෙන්නේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් අද කැදවුවා. ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන විනිසුරුවරුන් පෞද්ගලික හේතූන් මත පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකු සහ බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් වූවන්ගේ ඥාතීන් ඇතුලු 11 දෙනෙකු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන ඇතුලු පිරිසක් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.