fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ පැය 7ක් CIDයේ සිටි සිරිල් ගාමිණී පියතුමා අදත් CIDයට එයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2021 10:19

ඊයේ පැය 7ක් CIDයේ සිටි සිරිල් ගාමිණී පියතුමා අදත් CIDයට එයි

සිරිල් ගාමිණී පියතුමා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඊයේ දිනයේ ද පියතුමාගෙන් පැය හතකට අධික කාලයක් ප්‍රශ්න කෙරුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකදී සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයක් පිළිබද පරීක්ෂණ සිදු කරන ලෙස  රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා. ඒ අනුව ප්‍රකාශයක් ලබා දීමට සිරිල් ගාමිණී පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඒ සදහා සතියක කාලයක් ඉල්ලා තිබුණා.

ඒ අතරතුර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් පියතුමා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණා. එය විභාගයට ගත් අවස්ථාවේදී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුවයි පියතුමා ඊයේ දිනයේ දී සිය ප්‍රකාශය ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ. අද දිනයේ ද පියතුමාට එම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුවයි අද දිනයේ ද පියතුමා පැමිණ සිටියේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2021 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්