අධික වැසි හේතුවෙන් දිස්ත්රික් හතකට පනවා ඇති නාය යාම් අනතුරු ඇගවීම් තවදුරටත් ක්රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මේ අතර නාය යාම් අවදානම හේතුවෙන් තාවකාලිකව කඩුගන්නාව ප්රදේශයෙන් වසා දැමුණු කොළඹ නුවර මාර්ගය විවෘත කිරීම පිළිබද තීරණය අද දිනයේ ගැනීමට නියමිතයි. කඩුගන්නාව ප්රදේශයේ භූමිය පරීක්ෂා කිරීම් තවදුරටත් සිදු කෙරෙන බවයි ආපදා කළමනාකරණ අංශ සදහන් කළේ.