ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 222 ක් අතරින් වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රුසියාවෙන්.
ඊයේ දිනයේ දී රුසියාවෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 39000 කට ආසන්නයි. ඒ සමගම එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ අනූව ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1219 ක්.
මේ වනවිට ලොව පුරා රටවලින් හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි පන් කෝටි හතලිස් ලක්ෂය ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. වයිරසය හේතුවෙන් අහිමි වී අති ජීවිත සංඛ්‍යාව පනස් එක් ලක්ෂ පහලොස් දහස් එකසිය තිස් එකක්.