fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩපාතදී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2021 15:49

මඩපාතදී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබයි

මඩපාත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. එම පුද්ගලයාගේ දකුණු අත වෙන්වී ඇති අතර පාද වලට ද බරපතල හානි සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මඩපාත පොල්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට රැදී සිටි පුද්ගලයෙකුටයි මෙලෙස පහරදී තිබෙන්නේ. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබුවේ 42 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු බව සදහන්. ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයින් දෙදෙනා කොලමුන්න ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු බවට තුවාලකරු හදුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. පහරදීමට හේතුව මෙතෙක් නිෂ්චිත ලෙස තහවුරු වී නැති බව පොලීසිය පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2021 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්