කොවිඩ් වසංගත තත්ත්වය සමග පාසල් පැවැත්වීමට ඇතිවූ බාධා සැළකිල්ලට ගනිමින් ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී යම් සශෝධනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ශිෂ්‍යත්ව විභාගය මෙන්ම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සකස්කිරීමේදී ද මෙම සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති. ශිෂ්‍යත්ව විභාගය යටතේ ඇගයීමට ලක්වන විෂය කරුණු දක්වමින් ජාතික අධ්‍යාපන ආයතනය චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන මහතා පැවසුවේ.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ද මේ වනවිට කරුණු විමර්ශනය කෙරෙමින් පවතිනවා. අදාළ කමිටුවලින් ලැබෙන නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ඇගයීමට ලක්වන්නේ කුමන විෂය කොටස්ද යන්න අදාළ කමිටු මගින් නිර්නය කෙරෙනු ඇති. 11 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ගෙන් සියයට 73 කට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබෙනවා.