පුත්තලම කුරුණෑගල මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
දොරගුළු වසා දමා තිබූ නිවසකින් මෙම කාන්තාවගේ දේහය හමුව තිබෙනවා. අදාළ කාන්තාව එල්ලී මියගිය බවට මුලින් ප්‍රකාශ වුවද පසුව මරණය සම්බන්ධයෙන් සැක පහළවීම නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළ යුතු බවට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.
ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවූයේද යන්න පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.