කෝවිඩ් තත්ත්වය හමුවේ වසා දමා තිබූ පාසල් විවෘත කිරීමේ දෙවන අදියර යටතේ දිවයින පුරා සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති අද ආරම්භ වුණා.
දිවයිනේ සියලු පාසල්වල 10, 11, 12, සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතුයි අද ආරම්භ කෙරුණේ. කෝවිඩ් මර්දන කමිටු නිර්දේශවලට අනුව පාසල් මෙලෙස විවෘත කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය නිර්දේශවලට අනුව පාසල් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ප්‍රාථමික ශ්‍රේණි පළමු අදියර යටතේ විවෘත කෙරුණු අතර 6 සිට 9 දක්වා ශ්‍රේණි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. විෂය නිර්දේශ ආවරණය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමුකර තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සදහා මේ වන විට දින නියම කර තිබෙනවා. ඒ අනුව එම විභාග සදහා සිසුන් සූදානම් කිරීම මෙන්ම විෂය නිර්දේශ ආවරණය කිරීම පාසල් ආරම්භ කිරීමත් සමඟ සිදු කිරීමයි අපේක්ෂාව වී තිබෙන්නේ.