වන අලි තර්ජන මැඩපැවැත්වීමට තල් වැටක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.
තල් සංවර්ධන මණ්ඩලය මගිනුයි තල් වැටක් ඉදිකිරීමේ කටයුතු වව්නියාව සෙට්ටිකුලම ක්රිෂ්තවකුලම් ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණේ. ඒ වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී ඒ සරත්චන්ද්‍ර, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
තල් පැල ලක්ෂ 6 ක් මෙම වසරේ දී රෝපණය කිරීමට සැළසුම්කර ඇති බව මෙහිදී හෙළිවුණා.
මේ අතර රඹුක්කන ප්‍රදේශයේ රබර් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ආරම්භ කිරීමේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/V0DjEenj5Ew”]