කෙරවළපිටිය යුගදනවි බලාගාර සිද්ධිය මුල්කරගනිමින් විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද විරෝධතාවක නිරත වෙනවා.
කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු 40%ක කොටස් ඇමෙරිකා සමාගමට පැවරීමේ සිද්ධිය මුල්කර ගනිමින් විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සංවිධාන කළ විරෝධතාවට සහාය දක්වමින් වරාය, ජල සම්පාදන හා ඛණිජ තෙල් වෘත්තීය සමිතිද විරෝධතාවක නිරත වනවා.
කෙසේ වුවද විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ විදුලිය බිද වැටීමකට ඉඩ නොතබන බවයි.
මේ අතර රටට වැඩදායී සෑම ව්‍යාපෘතියකටම ජනතා විමුක්ති පෙරමුණ එරෙහි වන බවට වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතශීලී සංගමයේ ප්‍රධාන ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා චෝදනා කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OSziWmKi1ZU”]