fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතර ගැටුම් උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2021 14:49

සුඩානයේ ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතර ගැටුම් උත්සන්න වෙයි

සුඩානයේ ආරක්ෂක අංශ සහ සිවිල් ජනතාව අතර ගැටුම් උත්සන්න වී තිබෙනවා.

පැවති රජය නෙරපාහැර එරට හමුදා පාලනය මගින් සුඩානයේ බලය පසුගිය සදුදා අත්පත් කරගනු ලැබුවා. ව්‍යවස්ථාවට පටහැනි ලෙස සිදුවූ බලය පැහැරගැනීමට එරෙහි පිරිස් සුඩානයේ නගර ගණනාවක විරෝධතා ආරම්භ කළා. මේ වනවිට ගැටුම් වලින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. සුඩාන හමුදා ක්‍රියාමාර්ගය ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක බැංකුව මෙන්ම අප්‍රිකානු සංගමය ද සුඩානය වෙත ලබාදෙන ආධාර අත්හිටුවීමට ඊයේ කටයුතු කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2021 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්