fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ දැඩි මත භේදයට තුඩු දුන් මාකෝ කුමරියගේ විවාහ මංගල උත්සවය අදයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2021 16:13

ජපානයේ දැඩි මත භේදයට තුඩු දුන් මාකෝ කුමරියගේ විවාහ මංගල උත්සවය අදයි

ජපානයේ දැඩි මත භේදයට තුඩු දුන් මාකෝ කුමරියගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ජපානයේ මාකෝ කුමරිය පාසල් කාලයේ පෙම්වතා සමගින් 2017 වසරේ දී විවාහ ගිවිස ගැනීමත් සමග ඔවුන් සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී පුවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. කේ කොමුරෝ නැමති සාමාන්‍ය පවුලකින් පැවත එන පුද්ගලයෙකු හා විවාහ ගිවිස ගැනීම එයට හේතුවයි.

පසුව වසර ගණනක නිහඩතාවකින් පසු අද දිනයේ ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ. සාමාන්‍ය පවුලක පුද්ගලයෙකු සමග විවාහ වීමත් සමග ඇයට හිමි රාජකීය තත්ත්වය අහිමි වනවා. රාජකිය පවුලෙන් සමුගැනීම හේතුවෙන් ඇයට ලබාදෙන මූල්‍ය දායකත්වය හා රාජකීය මංගල උත්සවයක් ගැනීමේ අවස්ථාවද ඇය ප්‍රතික්ශේප කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2021 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්