ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පලඳවයි. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අද (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමාට පොපි මල පලඳවනු ලැබුවා.
පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනයට වෙන් කෙරේ. ශ්‍රී ලංකාවේ පොපි සැමරුම වර්ෂ 1944දී ආරම්භ කොට ඇති අතර මෙවර පොපි මල් සැමරුම සිදු කරන්නේ 77 වන වරටයි.
පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන් ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතය පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් 2021 පොපි සැමරුම නොවැම්බර් මස 14 වන දින පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අබියසදී පැවැත්වීමට නියමිත ය. සෑම වසරක ම නොවැම්බර් මස 11 වෙනි දා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදු කරන අතර ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම්ගේ, අනුස්මරණ කමිටු සභාපති ලුතිතන් කර්නල් ඒ. දීපාල් සුබසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට එක් ව සිටියහ.