නිවාස නොමැති ජනතාව සදහා නිවාස තිස් හය දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය 2024 වසරේදී අවසන් කිරීම අරමුණ බවයි එහි අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.
මේ අතර දිවයිනේ තෝරාගත් නගර 100 ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ඇරඹි සියක් නගර ව්‍යාපෘතිය යටතේ එක් නගරයකට නිවාස 100 බැගින් ඉදිකිරීම රජයේ අරමුණ බව ද ප්‍රසාද් රණවීර මහතා මෙහිදි කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-7VC_mJEAlY”]