බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නා. ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ අසාද් සාලි මහතා රක්ෂිත බන්ධනාගාර නිලධාරීන් විසින් රෝද පුටුවකින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදීයි නීතිපතිවරයා ගොනු කළ අධි චෝදනා භාරදීම සිදු කළේ. නඩු විභාගය ලබන දෙවනදා සිදු කිරීමට තීන්දු කළ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසිද නිකුත් කළා. අසාද් සාලි මහතාගේ නීතිඥවරයා ඇප පිළිබඳ විමසූ විට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කලේ ඇප ඉල්ලීමට විරුද්ධ වන බවයි. ඉකුත් මාර්තු නව වනදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අසාද් සාලි මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබුණා. “අපේ නීතිය අපට. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට. ඒවා හරි වැරදි බලන්නේ අපි. කුරාණයයි/ හදීසයි/ ෂරියාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නෑ. කුරාණයයි නබිතුමාගේ හදිසයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ. “යනුවෙනුයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.