සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මහත්මිය පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයනවිට 65 වන වියේ පසුවුණා.
සිංහල සිනමාවේ උසම නිළිය ලෙස විරුදාවලිය ලත් විශාකා සිරිවර්ධන මහත්මිය අනුරාධා චිත්‍රපටයෙන් සිය රංගන දිවියට පිවිසුනා. 1985 වසරේ නැගීඑන නිළිය ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබූ විශාකා සිරිවර්ධන මහත්මිය 1986 වසරේ දී හොඳම රංගනය වෙනුවෙන් ඕ සී අයි සී සිනමා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ සුරධූතියෝ චිත්රපයේ රංගන ප්‍රතිභාව හේතුවෙන්. සනසන්න මා , සුරධූතියෝ , සත්යග්රහණය , යසෝමා , ඇහැලේපොල කුමාරිහාමි , සේයා ඇතුළු චිත්‍රපට 30 කට අධික සංනඛ්යාවකට ඇය සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.