වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවධානම ඉහළ ගොස් තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දිගින් දිගටම වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බැවින් ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ මේ වසරේ මේ දක්වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 21,154 දෙනෙකු වාර්තා වී ඇති බවයි. එමෙන්ම ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකුට ජීවිත අහිමිවී තිබෙනවා.
ඩෙංගු රෝගයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි. බදුල්ල, රත්නපුර, කුරුණෑගල, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. නැවත පාසල් ආරම්භ කිරීමත් සමග එම පරිශ්‍ර තුළ මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දැමීම ද අතිශය වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.