අරුණ පුවත්පතේ පළවූ වාර්තාවක් පිළිබද සියලු පාර්ශව කැදවා පුළුල් පරීක්ෂණයක් සිදු කරන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
‘‘ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා ‘‘ යන මැයෙන් සති අග අරුණ පුවත්පතේ පළකර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය හා ද්වේෂසහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා.
මෙම වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශව කැදවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.