fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කරන බව නිවේදනය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2021 12:27

ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කරන බව නිවේදනය කරයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කරන බව අද නිවේදනය කර තිබෙනවා.

පසුගිය  වසරේ ජනවාරි මාසයේ එරට පැවති ජනාධිපතිවරණය සමග ඇතිවූ සිද්ධිදාමයන් හේතුවෙන් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් සමාගම ක්‍රියාකළා. ඊට ප්‍රතිචාර වශයෙන් නව සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කරන බවයි ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් පවසන්නේ.

මහා පරිමාණ තාක්ෂණික සමාගම්වල බලපෑම්වලට එරෙහිව නැගී සිටීම ද අරමුණක් වී තිබෙනවා. අමෙරිකාවේ බොහෝ සමාජ මාධ්‍ය ජාල එරට විරුද්ධ මත යටපත් කිරීමට  කටයුතු කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නඟනවා. ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය ටෘත් සෝෂල් ලෙස නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2021 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්