මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත අද සිදුවුණා.ඔවුන් සියලුදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි මෙම දරු උපත සිදුවූ කොළඹ පෞද්ගලික රෝහල සඳහන් කරන්නේ.
වයස අවුරුදු 31 ක මවකයි සය නිවුන් දරුවන් බිහි කළේ. ඇය අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්. කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස උපත ලැබුවේ පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ ගැහැණු දරුවන් තුන් දෙනෙකුයි. සිසේරියන් සැත්කමකින් දරු උපත සිදුවූ අතර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිරාන් ඩයස් මහතා ප්රමුඛ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඒ සඳහා දායක වී තිබෙනවා.