fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ලබන වසර දක්වා පැවතිය හැකියි – WHO

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2021 09:02

කොරෝනා ලබන වසර දක්වා පැවතිය හැකියි – WHO

කොරෝනා වසංගතය ලබන වසර දක්වා පැවතිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලොව පුරා දරුණු ව්‍යයසනයක් බවට පත්ව ඇති කොරෝනා වසංගත තත්ත්වය මෙසේ තවත් අවුරුද්දක කාලයකට ඇදී යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් තුළ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල අඩාලව පැවතීමයි. ඒ හේතුවෙන් රෝග ව්‍යාප්තිය තවදුරටත් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන වෛද්‍ය බෲස් ඇල්වෝඩ් පෙන්වා දී තිබෙනවා. අප්‍රිකානු මහද්වීපයට අයත් රටවල ජනගහණයෙන් 5% කටත් වඩා අඩු ප්‍රතිශතයකට පමණක් මේ දක්වා එන්නත් ලබාදී ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ. එවැනි වාතාවරණයක් මත කොරෝනා පිටුදැකීම අපහසු කාර්යයක් වන බැවින් ධනවත් රටවල සහයෝගය මේ සඳහා අත්‍යාවශ්‍ය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් දැනුම් දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 21, 2021 09:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්