fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව හොදම ශිෂ්‍ය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත මව්බිමට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2021 18:41

ලොව හොදම ශිෂ්‍ය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත මව්බිමට

හත්වන සකර්යා කෙටි චිත්‍රපට උළෙලේදි ලොව හොදම ශිෂ්‍ය චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් තරුණ සිනමා නිර්මාණකරු හසන්ත දිසානායක ඒ සම්මානයත් සමගින් මව්බිමට පැමිණියා.

තුර්කි සංචාරක සහ  සංස්කෘතික අමාත්‍යාංශය මෙන්ම එරට සකර්යා විශ්වවිද්‍යාලය සමග එක්වයි කෙටි චිත්‍රපට උළෙල සංවිධාන කළේ. රටවල් 193 ක ශිෂ්‍ය තරගකරුවන් නිර්මාණ 7000 කට වැඩි සංඛ්‍යාවක් මෙයට ඉදිරිපත් කර තිබුණා. හසන්ත දිසානායක මෙම තරගයට ඉදිරිපත් කළ මට්න් නැමැති චිත්‍රපටය විනාඩි 12 ක විකාශන කාලයකින් යුක්තයි.

සම්මානය ද සමගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු  පිළිගැනීම සදහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු කලාකරුවන්, හසන්ත දිසානායක අධ්‍යාපනය ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්  සහෝදර ශිෂ්‍යයින් ඇතුළු පිරිසක් එක් වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2021 18:41

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්