සමුළු නිවාසවලින් පසුව ඉදි වූ පළමු රාජ්‍ය නිලධාරී නිවාස සංකීර්ණය වන නිල පියස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
කොළඹ කැප්පෙටිපොල මාවතේ ඉදි වූ සමුළු නිවාසවලින් පසුව ඉදිකළ පළමු රාජ්‍ය නිලධාරී නිවාස සංකීර්ණය වන නිල පියස විවෘත කෙරුණා. කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවත ප්‍රදේශයේ මෙය ඉදිකර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2018 වසරේයි. මහල් 6 කින් හා නිවාස ඒකක 40 කින් සමන්විත නිවාස සංකීර්ණය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 921 ක්.
කොළඹ කේන්ද්‍ර කරගනිමින් රාජකාරී කටයුතු සිදු කරන නිලධාරීන්ට මුහුණදීමට සිදුව ඇති නිවාස ගැටලුවට විසදුමක් ලෙසයි මෙම නිවාස සංකීර්ණය ඉදිකෙරුණේ.