මැණිකේ මගේ හිතේ ගීතය ප්රතිනිර්මාණය කරමින් අතිශය ජනප්රියත්වයට පත් වූ යොහානි ද සිල්වාගේ ඉදිරි සංගීත ජීවිතයට ජනාධිපති ගෝඨා භය රාජපක්ෂ මැතිතුමා සුබපැතුම් එක් කළා. ඒ මෙම යොවුන් ගායිකාව හමු වූ අවස්ථාවේදීයී.
ජනාධිපතිතුමාගේ මිරිහාන පිහිටි නිවසේදී යොහානි ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මුණගැසී සුහද කතාබහක නිරත වුණා. එහිදී යොහානි ද සිල්වාට සුබපැතුම් එක් කළ ජනාධිපතිතුමා සහ එම මැතිනිය ඇයගේ හඩින් ගීත කිහිපයක් ඇසීමට ද අමතක කළේ නැහැ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Z3VKvZpJkiA”]