fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙල්බර්න් නගරය ලබන 22 වනදා සිට විවෘතයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2021 16:17

මෙල්බර්න් නගරය ලබන 22 වනදා සිට විවෘතයි

ලොව දීර්ඝතම කාලයක් වසා දමා ඇති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට දින 263 ක් තිස්සේ වසාදමා ඇති මෙල්බර්න් නගරය ලබන 22 වන දින සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කරන බව බලධාරීන් සඳහන් කරනවා. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙල්බර්න් නගර වැසියන් මිලියන 5 ක පමණ පිරිසකට නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදුවුණා. නීති වෙනස් කිරීමත් සමඟ රාත්‍රී ඇදිරිනීතිය ඉවත් කෙරෙන අතර වසාදැමීමේ නීති ද ලිහිල් වනු ඇති.  කෙසේ වුවද ආපන ශාලා , අවන්හල් , මත්පැන් අලෙවිසැල් ඇතුළු බොහෝ ස්ථාන වලට ඇතුළුවීමට අවස්ථාව හිමිවන්නේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණයි. වික්ටෝරියා ප්‍රාන්තය තුළ වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ එන්නත්කරණය වේගවත් කරනු ලැබුවා. එම ප්‍රාන්තයේ ජනගහනයෙන් 70% ක් පමණ එන්නත් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2021 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්