මීරිගම නිවාස සංකීර්ණයක නිවසක් කුලියට ගෙන මහා පරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.
මීරීගම නගරයේ පිහිටි නිවාස යොජනා ක්රමයක නිවසක් කුලියට ගෙන මෙම මහා පරිමාණ මත්පැන් ජාවාරම දීර්ඝ කලක් පවත්වානෙ ගොස් ඇති බවයි හෙළිව ඇත්තේ. වැටලීමේ දී බැරල් 21 ක් , ගෝඩා සහ නිෂ්පාදනය කළ මත්පැන් ලීටර් 45 ප්රමාණයේ කෑන් ඇතුළු උපකරණ ද සොයාගෙන තිබෙනවා. ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.