fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කල්කටාවෙන් චෙන්නායි උදුරාගත් 14 වෙනි IPL කුසලානය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2021 13:20

කල්කටාවෙන් චෙන්නායි උදුරාගත් 14 වෙනි IPL කුසලානය

ඉන්දීය ප්‍රීමියලීග් විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට චෙන්නායි සුපර්කිංස් කණ්ඩායම සමත්වුණා. චෙන්නායි කණ්ඩායම අයිපීඑල් ශූරතාවය දිනාගත් සිව්වන අවස්ථාව මෙයයි.

කල්කටා නයිටිරයිඩස් කණ්ඩායමට එරෙහිව ඩුබායිහි පැවති අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි ක්‍රීඩකයන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා ගැනීමට සමත්වුණා. චෙන්නායි පිළ වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරතවූ පෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කදී ලකුණු 86 ක් රැස්කළේ හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කල්කටා ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කර ගැනිමට හැකිවුයේ ලකුණු 165ක් පමණයි. ඒ අනුව අවසන් මහා තරගයේ ලකුණු 17ක ජයක් හිමි කර ගත් චෙන්නායි ක්‍රීඩකයන් අයිපීඑල් කිරුල දිනාගැනීමට සමත්වුණා. 2008 වසරේදී ඇරඹි ඉන්දීය ප්‍රීමියලීග් තරගාවලිය මේ වසරේ පැවැත්වූයේ 14 වන වරටයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2021 13:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්