fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයෙන් ඔක්සිජන් නිපදවන උපකරණ 250 ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2021 18:59

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයෙන් ඔක්සිජන් නිපදවන උපකරණ 250 ක්

රුපියල් ලක්ෂ 800 ක් වටිනා ඔක්සිජන් නිපදවන උපකරණ 250 ක් සිංගප්පූරුවේ හෙන්රි බේ මහතා හා එච් ඩී එල් සමාගම මගින් ශ්‍රී ලංකා සුව සේවාවට පරිත්‍යාග කෙරුණා. එම උපකරණ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුව වෙත භාරකිරීමයි කටයුතු කෙරුණේ.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය පූජ්‍ය කරදටියන ගුණරතන ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම මත මෙම පරිත්‍යාග ලබාදීමේ කාර්යයට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලෙකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන් මෙන්ම සිංගප්පූරු ශ්‍රී ලංකාරාමයේ දායක දායිකාවන්, ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය හා විදේශ කටයුතු අමාත්‍යංශය පූර්ණ සහාය ලබාදුන්නා.  කාර්යාලය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2021 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්