fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැන්ඩෝරා : තිරුකුමාර් නඩේෂන්ගෙන් දෙවන දිනටත් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2021 17:55

පැන්ඩෝරා : තිරුකුමාර් නඩේෂන්ගෙන් දෙවන දිනටත් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී

පැන්ඩෝරා පත්‍රිකාවල නම් සදහන් තිරුකුමාර් නඩේෂන් මහතා අද දෙවනි දවසටත් අල්ලස් කොමිසම හමුවට ආවා.

පැන්ඩෝරා ලේඛනවල නම් සදහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා නියෝග කළා. එම පරීක්ෂණ වාර්තා මාසයක් තුළ දැනුම්දෙන ලෙසටද දන්වා තිබෙනවා. ඒ අනුව පසුගිය 8 වනදා තිරුකුමරන් නඩේෂන් මහතා ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසම හමුවට පැමිණියා.

ඔහු අද දිනයේද කොමිසම හමුවේ පෙනී සිටි අතර පැය 3 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදී තිබෙනවා.ලෝක නායකයින් දේශපාලනඥයින් මෙන්ම ප්‍රකෝටිපතියන්ගේ රහස් මුදල් සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ ගනුදෙනු පිළිබද තොරතුරු රැසක් පැන්ඩෝරා ලේඛන මගින් හෙළි කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2021 17:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්