අමෙරිකාව නැවතත් ජගත් මානව හිමිකම් කවුන්සිලයට එක්වන බව ජෝ බයිඩන් පරිපාලනය නිවේදනය කළා.
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ තීරණයක් අනුව අමෙරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ මීට වසර 3 කට පෙරයි. වත්මන් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් මත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව යළිත් එක්කර ගැනීම සදහා ඊයේ රහස් ඡන්ද විමසීමක් පැවැත්වුණා.
එම රහස් ඡන්දයේදී රටවල් 193 ක් අතරින් 168 ක් අමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයට එක්කිරීමට කැමැත්ත පළ කර සිටි අතර කිසිවෙකුත් විරුද්ධත්වය පළ කර නැහැ. ඒ අනුව ලබන ජනවාරි පළමුවනදා සිට වසර 3 ක කාලයක් සදහා අමෙරිකාවට සාමාජික රටවල් 47 කින් යුත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිවනු ඇති.