මෙවර මහකන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජිතයින් හා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර හමුවක් පැවැත්වුණා.
මහකන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා කොන්දේසි 4 ක් රජය ඉටු කර දිය යුතු බවයි බල මණ්ඩල සාමාජිකයින් අමාත්‍යවරයා වෙත සංදේශයක් භාර දෙමින් ඉල්ලා සිටියේ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දුරකතනයෙන් දැනුම් දුන් අතර එම කොන්දේසි ඉටු කිරීමට ජනාධිපතිතුමා එකගතාව පළකලා.
ප්‍රාදේශීය ගොවි සංවිධාන 11,000 ක් නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය මෙවර මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙහිදි සදහන් කළා. ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසි අතර කාබනික පොහොර , ගොවිජන ෙස්වා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීම, එම පොහොරවල වගකීම රජය භාර ගැනීම, මෙම පොහොර භාවිතයෙන් සිදු කරන වගාවේ අස්වැන්නේ අඩුවීමක් හෝ වෙනත් හානියක් සිදුවුවහොත් සිදුවන හානියට වන්දි ගෙවීම , දැනට වෙළෙදපොළේ ඇති කෘමිනාශක හා වල්නාශක අධික මිලට අලෙවිය පාලනය කර සහතික මිලට මිලදී ගැනීමට අවස්ථාව ගෙවියාට ලබාදීම යන කරුණු වනවා.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේ, කාබනික වගාව සදහා රජය ගත් තීන්දුව මෙරට ජනතාවගේ සෞඛ්‍යයට හා පරිසරයට ඉතා හිතකර තීන්දුවක් බවයි.