ශ්‍රී ලංකාව හා රුසියා සමූහාණ්ඩුව අතර දහවෙනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය මොස්කව් හි රුසියා විදේශ කටයුතු අමාත්‍යාංශයේදි පැවැත්වුණා.
ශ්‍රී ලංකා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ රුසියාවේ විදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය තානාපති ඊගෝර් මොල්ගුලොව්ෆ් යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුක්තවයි එය පැවැත්වුණේ. දේශපාලන ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර මෙන්ම අන්තර් පුද්ගල සබදතා පිළිබදවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.
දෙරට අතර පවතින බහුආංශික සබදතා වර්ධනය කර ගැනීමටද නියෝජිතයන් කරුණු සාකච්ඡා කළා. 2022 වසරේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය නාත්ත්රික සබදතා සදහා වසර 65 ක් සපිරෙන බැවින් එම සංවත්සරය සැමරීම සදහා ගත යුතු පියවර පිළිබදවද සාකච්ඡා කෙරුණා. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.