බ්‍රිතාන්‍යයේ භාවිතා වන බලශක්ති සදහා වන සිල්ලර මිල කිසිදු විටක ඉහළ නොදමන බව එරට වෙළෙද අමාත්‍ය ක්වාසි ක්වාටේන්ග් සදහන් කරනවා. බ්‍රිතාන්‍ය වෙළෙදපොළේ ගෑස් තොග මිල ශීඝ්‍ර යෙන් ඉහළ යමින් පවතිනවා. එහෙත් පාරිභෝගිකයා අපහසුතාවට පත්වන පරිදි සිල්ලර මිල ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ගෑස් තොග මිල ඉහළ යාම හේතුවෙන් එරට කුඩා බලශක්ති සමාගම් එළඹෙන ශීත ඍතුව වනවිට දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට අනාවැකි පළ වනවා. යුරෝපා කලාපයේ ගෑස් තොග මිල මේ වනවිට සියයට හාරසියයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. සංචිත අවම වීම හා ආසියා කලාපයේ ගෑස් සදහා වන වැඩි ඉල්ලුම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.