ලබන 15 වනදා ඉන්දියාව විදෙස් සංචාරකයින් සදහා විවෘත වන බව එරට රජය පවසනවා.
කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට දැඩි නිරෝධායන සීමාවන් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කටයුතු කළා. ඉන් අනතුරුව ඉන්දියාව මෙලෙස විදේශිකයන් සදහා විවෘත වන්නේ වසර එකහමාරක් වැනි දීර්ඝ කාලයකට පසුවයි.
ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. මේ වන විටත් ඉන්දියාවේ එන්නත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සීඝ්රයෙන් සිදුවෙමින් පවතිනවා.
ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාවේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තයයි.