ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීනයක් දකුණු චීන මුහුදේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි නාවිකයන් රැසක් තුවාල ලබා තිබෙනවා.
ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීනය හදුනා නොගත් ස්ථානයක් හා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් න්‍යෂ්ටික සබ්මැරීනයට හානි සිදුවී නොමැති බවත් එය සාමාන්‍ය පරිදී ක්‍රියාත්මක වන බවත් ඇමෙරිකා නාවික බලධාරීන් පවසනවා. දකුණු චීන මුහුද ආශ්‍රිතව පිහිටා ඇති තායිවානය, පිලිපීනය, මැලේසියාව සහ බෘෘනෙයි යන දූපත් චීනයට අයත් බවයි එරට රජය පවසන්නේ.
මෙවන් පසුබිමක් මත චීන ප්‍රහාරක ජෙට් යානා දකුණු චීන මුහුද ආශ්රිත ප්‍රදේශයේ දින 5ක යුද අභ්‍යාසයක නිරතව සිටින බවයි පැවසෙන්නේ.
මෙම මුහුදු කලාපයේ වඩාත් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති මොහොතක ඇමෙරිකා සබ්මැරීන අනතුර සිදුවීම විශේෂත්වයක්.