මීගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මීගොඩ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට මුඛ ආවරණ නොමැතිව පැමිණි යතුරුපැදිකරුවෙකුට මුඛ ආවරණ පළදින ලෙස එහි සේවකයෙකු දැනුම් දී තිබෙනවා. ඔහු සමග උරණ වී එම ස්ථානයෙන් පිටව ගිය සැකකරු යළි තවත් පුද්ගලයෙකු සමග පැමිණ අදාළ සේවකයාට යකඩ පොල්ලකින් පහර දී ඇති බවයි පොලීසිය පවසන්නේ.
පහර දීම සිදු කරන අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියෙහි සටහන්ව තිබුණා. කෙසේ වුවද පරීක්ෂණ පැවැත්වූ පොලීසිය පහර දීමට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
පහර කෑමට ලක්වූ සේවකයා කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.