ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබද ගැටලුව මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 87 ක් සපිරෙනවා. අද ජාත්‍යන්තර ගුරු දිනයයි. ඒ වෙනුවෙන් දිවයින පුරා කළු කොඩි එසවීමටයි විරෝධතාකරුවන් සූදානමින් සිටියේ.
නමුත් ඔවුන්ගේ කළු කොඩි එසවීමේ වෑයම අද අසාර්ථක වුණා. ඒ වගේම විරෝධතාවේ නිරතව සිටි ගුරුවරුන්ට දෙමව්පියන් ඇතුළු ජනතාවගෙන් එල්ල වුණේ දැඩි අප්‍රසාදයක්.
ගුරු වැටුප් ගැටළුවට රජය විසදුම් ලබා දුන්නා. එහෙත් එම විසදුම් පිළි නොගන්නා ලංකා ගුරු සංගමය පවසන්නේ අඛණ්ඩවම වෘත්තිය ක්රියාමාර්ගයෙහි නිරත වන බවයි.
කෙසේ වෙතත් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත්‍ර සදහා මේ වනවිට 90% ක් පමණ පාසල් මේ වනවිට අයදුම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය පවසන්නේ. එහෙයින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අසාර්ථක එකක් බවයි එහි ජාතික සංවිධායක සිසිර කුමාර රත්නායක මහතා කියා සිටින්නේ.
සියයට තුනේ පිරිස තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සදහා මෙවැනි විරෝධතා සංවිධාන කරන බවයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය සදහන් කරන්නේ.
පාසැල් ආරම්භ කළ සැණින් ගුරුවරුන් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය පෙන්වා දෙනවා.
ලෝක ගුරු දිනය යෙදුණු අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති ගුරු විදුහල්පති විරෝධතාවන්ට මහජනතාවගෙන් විරෝධයක් එල්ල වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6fr_x9nHyyo”]