ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ප්‍රථම වතාවට නිල හැඳුනුම්පතක් ලබාදීම අධ්‍යාපන ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද සිදුවුණා.
ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යංශය සංවිධාන කළ ගුරු දින උත්සවයට අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කළා. කොවිඩ් වසංගතයට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය නැවත යථා තත්ත්වයට පත්කිරීමේ හදවත් ඇත්තේ ගුරුවරුන්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී පවසා සිටියා.
“අපගේ ආදරණීය ගුරුවර ගුරුවරියන් අතීතයේ පටන්ම සමබර පුරවැසියන් දැයට බිහි කිරීමට කැපවූ බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළා. ගුරු ගෞරවය රැක්ක සහ රකින රජයක් ලෙස සාධාරණ ඉල්ලීම්වලට ඇහුන්කම් දීමට සූදානම්” බව කී අග්‍රාමාත්‍යවරයා වෘත්තිය අරගලවලදී ගුරු ගෞරවය පිළිබද සිතන ලෙසත් දරුවන්ගේ නැණස පෑදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉටු කරන ලෙසත් ඉල්ලා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zbrZLn9i3bY”]