Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,500 ඉක්මවයි
Related Articles
කොරෝනා ව්‍යසනය හමුවේ ලෝකයේ බලවත්ම රටවල ආර්ථිකයන් පවා අඩපණ වෙද්දී අපේ ආර්ථිකය යම් සුබවාදී මට්ටමක පවත්වාගැනීමට හැකිවී තිබෙනවා.
කොළඹ කොටස් වෙළෙදපොලත් ඊයේ දිනයේ ඉහළ අගයන් වාර්තා කළේ එය තහවුරු කරමින්.
අමෙරිකාව ඇතුළු ලෝකයේ බලවත් රටවල් විශාල සංඛ්‍යාවක් දැඩි ලෙස ආර්ථික අර්බුදයන්ට මුහුණ දී සිටිනවා. වසර තිහකට පසු ඇමෙරිකාවේ, උද්දමනයේ ඉහළම අගය පසුගිය මාසයේ දී වාර්තා වුණා. පසුගිය අගෝස්තු මාසයේ දී ඇමෙරිකාවේ පුද්ගලික පරිභෝජන වියදම 0.4% කින් ඉහළ ගිය අතර එය පසුගිය වසරට සාපේක්ෂව 4.3% ක ඉහළ යාමක්.
එපමණක් නොව බ්‍රිතාන්‍ය ඉන්ධන සහ අත්‍යවශ්‍ය ආහාර සැපයුම අඩාල වීමත් සමග ඒවායේ මිල ගණන් ශීඝ්‍ර යෙන් ඉහළ ගොස් තිබෙනවා. ලන්ඩන් අගනුවර ඉන්ධන පිරවුම්හල් බහුතරයක් වසා තැබීමටයි පියවර ගෙන තිබෙන්නේ.
කෙසේ වෙතත් ලෝක බලවතුන්ගේ ආර්ථිකයද දැඩි පසුබෑමකට ලක් වෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකා ආර්ථිකයට අපේක්ෂිත යම් ඉලක්කයකට ලගා වීමට හැකිව තිබෙනවා.
කොළඹ කොටස් වෙළදපොල ද ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශක ඒකක 9,500 ඉක්මවා යාම ඊයේ වාර්තා කළේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සුබවාදි මුහුණුවර පෙන්නුම් කරමින්. ඊයේ දිනයේ දිනය නිමා වනවිට කොටස් වෙළද පොළළෙහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,542.33ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළද පොල පවසනවා.