fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වෙන පුහුණු සැසි අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2021 10:46

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වෙන පුහුණු සැසි අද

2022 වසරේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වෙන පුහුණු තරග සදහා සහභාගි වන සියළුම විදෙස් ක්‍රීඩකයින් කොරෝනා වයිරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා තිබිය යුතු බව සංවිධායකයින් නිවේදනය කරනවා.

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වෙන පුහුණු සැසි අද ආරම්භ වීමට නියමිතයි. එම පුහුණු සැසි දෙසැම්බර් 31 වනදා දක්වා පැවැත්වෙනවා. එම පුහුණු සැසි සදහා විදෙස් ක්‍රීඩකයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවයි තරග සංවිධායකයින් සදහන් කරන්නේ. තරග ස්ථාන අටකදී විදෙස් හා දේශීය ක්‍රීඩකයින්ගේ දායකත්වයෙන් තරග ඉසව් පැවැත්වීමට නියමිතයි. ඒවා නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට සූදානම් බවද සංවිධායක මණ්ඩලය නිවේදනය කරනවා. මෙම පුහුණු සැසියෙන් අනතුරුව 2022 බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල ලබන වසරේ පෙබරවාරි හතර වන දින ආරම්භ කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2021 10:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo