සංහිදියාව, තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා යුරෝපා සංගමයේ දූත කණ්ඩායමක් දැනුවත් කළා.
යුරෝපා සංගමය නියෝජනය කරමින් පස් දෙනෙකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් විදේශ අමාත්‍යවරයා ඊයේ මුණගැසුනා. මෙම දූත ගමන මෙහෙයවනු ලැබුවේ යුරෝපා කොමිසමේ වෙළෙද කටයුතු පිළිබද අධ්යක්ෂ ජනරාල් නිකලොස් සයිමිස් සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවාවේ දකුණු ආසියා අංශයේ ප්‍රධානී අයෝනිස් ආගිරොපවුලස් යන මහත්වරුන් විසින්. ආර්ථික හා සහයෝගීතා ක්ෂේත්‍ර ඇතුළුව යුරෝපා සංගමය සමග ශ්‍රී ලංකාවේ පවතින සබදතා පිළිබදව විදේශ අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය වන්නේ යුරෝපා සංගමයයි. මෙරට ජනතාවගේ ජීවනෝපාය මාර්ග ඉහළ නැංවීමේ දී යුරෝපා සංගමය ලබාදෙන ජී එස් පී ප්ලස් ප්රතිලාභවල දායකත්වය පිළිබදව ද මහාචාර්ය ජී එල් පීරිස් මහතා අදහස් පළකළා. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ කොමිෂන් සභා ක්‍රියාවලිය සහ ජී එස් පී ප්ලස් සමාලෝචන ක්‍රියාවලිය සම්බන්ධ තුන්වන වටයට අදාළ රැස්වීම් වලට ද නියෝජිත කණ්ඩායම එක්වුණා.
විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඇතුළු විදේශ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියා.