මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සමත් වුණා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හා පාසලක් ආසන්න නිවසකයි මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් තිබුණේ. මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් ගංජා ග්‍රෑම් 50 ක් මත්පැන් බෝතල් තොගයක් හා විදේශීය දුම්වැටි තොගයක් ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළා.
විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන් මෙන්ම අවට තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙන මෙම දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ.