රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිත් ඒ ලියනගේ මහත්මිය තානාපති සේවයට යාමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ අරලියගහ මන්දිරයේදීයි. ශ්‍රී ලංකා රුසියා ඓතිහාසික මිත්‍රත්වය සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම සබදතා තවත් වර්ධනය කිරීමට කැපවන ලෙස ඒ මහත්මියට සුබ පැතුම් එක් කරමින් කියා සිටියා.
ජනිතා ඒ ලියනගේ මහත්මිය මෙම ධූරයට පත් වීමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස කටයුතු කළා.
ගාල්ල සවුත්ලන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙසද කටයුතු කර තිබෙනවා.