fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියාවේ ලේක් එල්සිනෝ නගරයේ ඉදි කළ ශාක්‍යමුනි විහාරය ශාසනයට පූජා කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2021 12:14

කැලිෆෝනියාවේ ලේක් එල්සිනෝ නගරයේ ඉදි කළ ශාක්‍යමුනි විහාරය ශාසනයට පූජා කෙරේ

ඇමරිකාවේ කැලිෆෝනියාහි ලේක් එල්සිනෝ නගරයේ ඉදි කළ ශ්‍රී ශාක්‍යමුනි බෞද්ධ විහාරය ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්වුණා.

අත්තනගල්ල අරහන්ත රජමහා විහාරස්ථානයේ සහ හූස්ටන් බෞද්ධ විහාරස්ථානයේ අනුබද්ධිත විහාරස්ථානයක් වන ශ්‍රී ශාක්‍යමුනි බෞද්ධ විහාරය නිර්මාණය කිරීමට මගපෙන්වීම ලබා දුන්නේ සීනාදි සිවු කෝරලයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද ස්වාමීන් වහන්සේයි. පූජ්‍ය පරවාහැර මෛත්‍රී මුර්ති ස්වාමීන් වහන්සේ අනුශාසනා මත එම කටයුතු සිදු කෙරුණා.  ශාක්‍යමුනි බෞද්ධ විහාරස්ථානය විවෘත කිරීමේ මහෝත්සවය උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2021 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්