නෙදර්ලන්ත රජය හදුන්වා දී ඇති කොරෝනා ප්‍රවේශ පත්‍රයට විරෝධය පළ කරමින් දහස් ගණනක ජනතාවක් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.
නෙදර්ලන්තයේ ආපනශාලා, අවන්හල්, මත්පැන් අලෙවිසල් හා සිනමාශාලා වෙත ඇතුළුවීමට කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබා ගත් බවට වන සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා. එයට විරෝධය පළ කරමිනුයි උද්ඝෝෂණ ආරම්භ කර ඇත්තේ. නෙදර්ලන්ත ජන ගහනයෙන් සියයට 72 ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර ඒ හේතුවෙන් මේ වනවිට පනවා ඇති නීති බොහොමයක් ලිහිල් කර තිබෙනවා.
එම නිසා කොරෝනා ප්‍රවේශ පත්‍රයක අවශ්‍යතාව දැඩිව පවතින බවයි රජය සදහන් කරන්නේ. පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුඛ ආවරණ පැළදීම අනිවාර්යය වුවද සිසුන් හෝ ගුරුවරුන් පාසල තුළදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර නැහැ.