fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රී රෝද රථ සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2021 11:03

ත්‍රී රෝද රථ සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රී රෝද රථ සොරකම්කර අංක තහඩු වෙනස්කර අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරුවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල,  මග්ගොන, අලුත්ගම හා පයාගල යන ප්‍ර දේශවලින් සොරකම් කරන ලද ත්‍රි රෝද රථවල අංක තහඩු වෙනස්කර නිෂ්පාදිත නාමයන් ද ව්‍යාජ ලෙස සකසා විවිධ පුද්ගලයින්ට අලෙවිකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බේරුවල,  හෙට්ටියාකන්ද ප්‍රදේශයේ පදංචිකරුවන්. සොරකම් කරන ලද ඇතැම් ත්‍රි රෝද රථ කොටස් ගලවා අලෙවි කිරීමට ද සැකකරුවන් කටයුතු කර ඇති බව හෙළිවී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2021 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්