වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයට ජනතාව යොමුකරමින් රජය ක්‍රියාවට නැංවූ කාබනික වගාව කෙරෙහි ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතිනවා. එම වගාවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බවයි ගොවීන් පවසන්නේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වව්නියාව ප්‍රදේශයේ වගා බිම් රැසක් පවත්වාගෙන යන්නේ කාබනික පොහොර පමණක් උපයෝගීකර ගනිමින්. එම වගාවන්හි මේ වනවිට සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. වම්බටු, බණ්ඩක්කා, වැටකොළු, කරවිල, තක්කාලි හා මෑ ආදී එළවළු මෙසේ වගාකර ඇති අතර එම ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ.
කාබනික පොහොර පමණක් භාවිත කරමින් සාර්ථක කහ වගාවක් සිදුකරගෙන යාමට පොළොන්නරුව ඕනෑගම ගොවි මහතෙකු සමත්වී තිබෙනවා. තමන්ගේ කහ වගාවේ එක් පදුරකින් කිලෝග්‍රෑම් 5 ත් 6 ත් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබී ඇති බවයි ඩබ්ලිව් ඒ විමලදාස නමැති මෙම ගොවි මහතා පවසන්නේ. මෙම සාර්ථක වගාබිම නිරීක්ෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී අමර කීර්ති අතුකෝරල මහතා ද එක්ව සිටියා.