සැප්තැම්බර් කියවීමේ මාසය වෙනුවෙන් විශේෂ වට්ටම් සහිතව සහන මිලට පොත් අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදල ක්‍රියාවට නංවා තිබෙනවා.
ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක ආදී විවිධ විෂයන් යටතේ ලියවුණු වටිනා ග්රන්ථ රැසක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සහන මිලට ලබාදීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. විශේෂ පර්යේෂණ , ළමා සාහිත්‍ය , පරිවර්තන ආදී කෘති ද ඒ අතර වනවා. ඓතිහාසික විස්තර ඇතුළත් සිතියම්, පින්තූර , තැපැල්පත් , පෝස්ටර් සහ ඉතිහාසය හා පුරා විද්‍යාව පිළිබඳ ලියවුණු සිංහල , ඉංග්‍රීසි ග්රන්ථ රැසක් ඔන්ලයින් ක්‍රමයට ලබා ගත හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල තවදුරටත් පවසනවා. බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කළ විචිත්‍ර වර්ගයේ අනුරූ සහ විවිධ කලා නිර්මාණ ද මෙසේ මිලදී ගත හැකි වනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිල සමාජ වෙබ් පිටුවට පිවිසීමෙන් එම කෘතින් සහ අනුරූ මිලදී ගත හැකියි.