ලෝක සංඥා භාෂා දිනයට අදට (23) යෙදී ඇත. “මානව හිමිකම් සඳහා සංඥා භාෂාව භාවිත කරමු“ තේමාව යටතේ මෙවර සංඥා භාෂා දිනය සැමරේ.
මෙවර සංඥා භාෂා දිනයට සමගාමීව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත් වීම මත ‘ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රයක්’ පිහිටුවීම පියවර ගෙන තිබේ.
මේ අතර වසර විස්සකට අධික ස්වාධීන රූපවාහිනි පුවත් විකාශ ඉතිහාසයේ සුවිශේෂි කඩයිමකට අද (23) දිනයේදී අප පා තබනවා.
ඒ ශ්‍රවණ අපහසුතා හේතුවෙන් පුවත් ඇසීමට නොහැකි ජනතාව වෙනුවෙනුත් ඔවුන්ගේ භාෂාවෙනුත් පුවත් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමයි.
දිවයිනේ විකාශන ආවරණාධිපති ලෙස වැඩිම පිරිසක් ස්වාධීන රූපවාහිනිය නරඹන බව නොරහසක්. ශ්‍රවණ අපහසුතා සහිත ජනතාවට අප පුවත් නැරඹීමට හැකි වුවද ශ්‍රවණය කිරීමට බාධා පැමිණුනා. ඒ හේතුවෙන් සංඥා පුවත් ආරම්භ කරන ලෙස ඉල්ලීම් ද ඉදිරිපත් වුණා. ඒ සියළු කරුණු සලකා බලමිනුයි සංඥා භාෂා පරිවර්තන සේවාවක් තුළින් එම ජනතාව උදෙසා පුවත් ගෙන ඒමට අප තීරණය කළේ.
ඒ අනුව අද (23) සිට අප පුවත් විකාශය ඔස්සේ මෙම සේවාව ගෙන ඒමට දිවයිනේ පිළිගත් සංඥා භාෂා පරිවර්තකයින් එක්ව සිටිනවා.